Wednesday, November 5, 2014

කේක් සින්දුව

දෙන්නම් මං අද පප්පලට 
රැජිණට යවනව කේක් එක
ලස්සන පාටට තියෙන්නට 
සායම් දානව බේසමට

මීපැණි බෝතලයක් දාලා 
වයින් ටිකක් කලවම් කරලා
පොඩි කජුමද ටිකකුත් ඉහලා
ගම්මිරිසුත් යහමින් දාලා

පාසානම් ටිකකුත් දාලා
සීනි කිලෝ දහයක් දාලා
නයි බිත්තර දෙකකුත් දාලා
හදනව පදමට හැඳිගාලා

රැජිණට යවනව කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානව බේසමට
ලුණු ටිකකුත් දානව නේද

මිනී ඔලුවකුයි කටුස්සෙකුයි
පොළඟගේ දළකුයි නාගයෙකුයි
රත වෙන්නට රටඉඳි ටිකකුයි
නෑ නෑ නාරං බික් තුනකුයි

රටකජු ටිකකුත් පොතු ගාලා
පොතුටික දානව මද කාලා
හොඳහැටි පදමට හැඳිගාලා
සුවඳ එන්න දානව වැනිලා

හැදුවෙ කේක් එක අපි දෙන්නයි
අහුවෙන්නේ අර පප්පලවයි
මාලිගාවේ වැඩ මග නවතියි
මකබාස්ව දැන් කිඹුල්ලු කයි