Monday, February 23, 2015

මනලෝලි මනමාළියේ_Manaloli Manamaliye_Rookantha Gunathilake,Chandralekha Perera

මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ

ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ

මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා 
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් කීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ

ඔබ සුව ගේනා සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ

මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා 
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ


ගායනය : රූකාන්ත ගුණතිලක / චන්ද්‍රලේඛා පෙරේරා

No comments:

Post a Comment