ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනි වූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා...
භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ
එක් වූ දිනේ සිහිවෙනවා
එක් වූ දිනේ සිහිවෙනවා...
ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක් වී වෙලී සෙනෙහස සෙවූ ඒ
සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා...
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනි වූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා...
ගායනය: T M ජයරත්න
No comments:
Post a Comment