Saturday, February 21, 2015

ඇය යන්න ගියා මැකිලා_Aya Yanna Giya Makila_Amarasiri Peiris

ඇය යන්න ගියා මැකිලා 
වන සිරසක තුරු සෙවනැළි අතරේ 
ගීගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග රඳවා 
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ 
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොළුවූ හදකින්
ඇය යන්න ගියා මැකිලා 

ඇය යන්න ගියා මැකිලා 
වන සිරසක තුරු සෙවනැළි අතරේ 
ගීගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග රඳවා 
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

යලි කවදාවත් හමුනොවනා බව 
මද පවනක් හිස අතගා කීවද 
අදහා ගන්නට නොහැකිය කිසි දින 
ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා 

ඇය යන්න ගියා මැකිලා 
වන සිරසක තුරු සෙවනැළි අතරේ 
ගීගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග රඳවා 
මිහිදුම් සළුවෙන් මුහුණ වසා 

ගායනය : අමරසිරි පීරිස් 

No comments:

Post a Comment