ලොවම එපා වී ලොවම කලකිරී
තැවී
දැවී හිදිනා වේලේ
ඔබේ
දයාබර එකම වදනකින්
මගේ
ආත්මය සුවපත් වේ...
අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක
සේ වැලපෙන මොහොතේ
පවනේ
පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත
වූ හද සිහිලැලි වේ...
ලොවම එපා වී ලොවම කලකිරී
තැවී
දැවී හිදිනා වේලේ
ඔබේ
දයාබර එකම වදනකින්
මගේ
ආත්මය සුවපත් වේ...
ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
මුවැත්තියක
සේ බියපත් මොහොතේ
සිරුරේ
තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුනු
සිත උණුසුම් වේ...
ලොවම එපා වී ලොවම කලකිරී
තැවී
දැවී හිදිනා වේලේ
ඔබේ
දයාබර එකම වදනකින්
මගේ
ආත්මය සුවපත් වේ...
ගායනය: නන්ද මාලනී
No comments:
Post a Comment