එදා මෙදා තුර කඳුලට විවරවූ
දෑස් පියන් පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ
සුව සිනා පිරු රත් දෙතොල් තියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්බුල් සුදු මැලි පාට හොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
දෑස් කවුලුපත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබේ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්...
එදා මෙදා තුර කඳුලට විවරවූ
දෑස් පියන් පත් කවුළු වසා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට
බැඳී ආදර ලෝකය හෙටත් තියේ
එත් ඉතින් දැන් සොඳුරියේ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...
එදා මෙදා තුර කඳුලට විවරවූ
දෑස් පියන් පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ
සුව සිනා පිරු රත් දෙතොල් තියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්බුල් සුදු මැලි පාට හොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...!!
ගායනය: සනත් නන්දසිරි
No comments:
Post a Comment