මා හඬනා කඳුළු ගලා
සැදුනු
කඳුළු සාගරේ
ඔබ
ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ
ඇයි...
සිනාසුනේ ඇයි...
ඔබ දෙපසින් ගලාගියේ
ඔබට
හැඬූ කඳුළු නේද
මලක
මෙළෙක තිබුණු හදක්
ගලක්
කලේ ඇයි...
ගලක් කලේ ඇයි...
මා හඬනා කඳුළු ගලා
සැදුනු
කඳුළු සාගරේ
ඔබ
ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ
ඇයි...
සිනාසුනේ ඇයි...
සියුමැළි හද රිදවන්නට
හද
රිදවා හිනැහෙන්නට
ඔබ
නොපෙලූ අසරණ මට
සතුරු
උනේ ඇයි...
සතුරු උනේ ඇයි...
මා හඬනා කඳුළු ගලා
සැදුනු
කඳුළු සාගරේ
ඔබ
ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ
ඇයි...
සිනාසුනේ ඇයි...
ගායනය: නන්දා මාලනී
No comments:
Post a Comment