මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ
නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..//
වැව් ඉවුරේ දිය රළ පෙර සේම
බිඳෙනවා
නුග
ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..//
සරසවි බිම කඳුරැල්ලෙන් එතර
පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ
නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි...
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති
පුතා අතැඟිල්ලක එල්ලී එනවා..//
ඒ
කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම
හීනයෙකැයි කියා සිතෙනවා
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ
නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි...
ගායනය: මර්වින් පෙරේරා
No comments:
Post a Comment