Wednesday, October 15, 2014

ඇරඹුමම කඳුලක් වෙලා_Arambumama Kandulak Wela_Kasun Kalhara

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දි ඒ දිහා
දුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
අවසානයට පෙර ඈ ගියා...

දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එනතුරා 
එහි රැඳෙන්නට සිත් ඇති නියා
එහි රැඳෙන්නට සිත් ඇති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දි ඒ දිහා
දුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දි ඒ දිහා
දුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...


ගායනය: කසුන් කල්හාර 

No comments:

Post a Comment