Wednesday, November 5, 2014

කේක් සින්දුව

දෙන්නම් මං අද පප්පලට 
රැජිණට යවනව කේක් එක
ලස්සන පාටට තියෙන්නට 
සායම් දානව බේසමට

මීපැණි බෝතලයක් දාලා 
වයින් ටිකක් කලවම් කරලා
පොඩි කජුමද ටිකකුත් ඉහලා
ගම්මිරිසුත් යහමින් දාලා

පාසානම් ටිකකුත් දාලා
සීනි කිලෝ දහයක් දාලා
නයි බිත්තර දෙකකුත් දාලා
හදනව පදමට හැඳිගාලා

රැජිණට යවනව කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානව බේසමට
ලුණු ටිකකුත් දානව නේද

මිනී ඔලුවකුයි කටුස්සෙකුයි
පොළඟගේ දළකුයි නාගයෙකුයි
රත වෙන්නට රටඉඳි ටිකකුයි
නෑ නෑ නාරං බික් තුනකුයි

රටකජු ටිකකුත් පොතු ගාලා
පොතුටික දානව මද කාලා
හොඳහැටි පදමට හැඳිගාලා
සුවඳ එන්න දානව වැනිලා

හැදුවෙ කේක් එක අපි දෙන්නයි
අහුවෙන්නේ අර පප්පලවයි
මාලිගාවේ වැඩ මග නවතියි
මකබාස්ව දැන් කිඹුල්ලු කයි

Sunday, October 19, 2014

මං මුලාවී පාර හොයාගෙන_Man Mulawee Para Soyagena_Gunadasa Kapuge

මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ...//

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය...

මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ...

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි//
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි...

මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ...//



ගායනය: ගුණදාස කපුගේ 

වින්ද ප්‍රේමය

වින්ද ප්‍රේමය මංමුලා කළ ඈ සිතින් ශෝකේ
දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වූයේ
ආදරය ගැන මාගෙ සිහිනය ඈ ලඟයි තිබුනේ
සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ

වින්ද ප්‍රේමය මංමුලා කළ ඈ සිතින් ශෝකේ

දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වූයේ

මැව්ව සිතුවම් ඈත අහසේ පායනා තරු සේ

අන්දකාරය හා බැඳී උන්නා
ඔබ හා මා ආදරෙන් බැඳුනා
ඔබ හා මා ආදරෙන් බැඳුනා

වින්ද ප්‍රේමය මංමුලා කළ ඈ සිතින් ශෝකේ

දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වූයේ

දුන්නු සෙනෙහස ඈත අහසේ මාලිගාවක් සේ

ප්‍රාර්ථනාවක් වී හදේ උන්නා
ඔබ හා මා ආදරෙන් බැඳුනා
ඔබ හා මා ආදරෙන් බැඳුනා

වින්ද ප්‍රේමය...


ගායනය - ටෙහාන් පෙරේරා

සොඳුරුම සිහිනය

සොඳුරුම සිහිනය මෙතුවක් කල් සිතේ රැඳී
සිය දහස් වරක් හද තුළ නෑ නිමක් නොවී
සෙනෙහස විඳිනට ඔබගේ උණුසුමේ රැඳී
කියා ගන්න බෑ තවමත් ආදරේ මගේ

නෙතඟ මැවෙන හැම දසුනෙම ඔබේ රුව ඇඳී
හීන අරන් ඔබ ඇවිදින් හිත පුරා හිඳී
මිදී ඉන්න බෑ මොහොතක් ඔබේ මතකයෙන්
සිහිනය වූ ඔබ දැන් ජීවිතය වී හිඳී

අහිමි සඳට දුරින් ඉඳන් තරුත් පෙම් කලත්
හීන පැතුම් නැති නැතිකර සැඟවිලා ගියත්
ඔබේ සුවඳ අරන් සුළඟ හෙමි හෙමින් හමා
ගෙනා සුවය ආදරෙ මට තවත් වැඩි කළා

ගායනය - එරන්ද සුපුන්

#සෙල්ලකාරයා මමයි

ඔයා
විදපු දුකක් හිනාවෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියේ ඔයාව අඬවන්න
වචන තුනයි ඕන රණ්ඩු වෙන්න
ඔයා රැවටුනා පොඩ්ඩක් හිතල බලන්න
ඔයා
හැමදේම කරේ මාව සතුටින් තියන්න
මම හැමදේම කරේ ඔයා අඬවලා රිද්දන්න
ඒත්
ඔයා දැක්ක පළවෙනි දවසේ ඉදන්
හීන මැව්වේ එකට නිදියන්න
සින්දු කොලවල ලිව්වේ මම කිව්වේ
ඒවා ඔයාට කියලා
හිත යට හිටියේ ඔයා විතරයි
ඔයා විතරයි හිනාවුනේ
මම හංගං ලංවුනේ රිද්දන්න නෙමෙයි පස්සේ
ආපහු ගන්න හිතං මම හිත දුන්නේ
ඔයා තාමත් එක තැන
ඒක නෙමෙයි ප්‍රශ්ණේ
ඔයා දඟකරනවා මගෙ හිත අස්සේ...

මල් ඉහිරුනා මුලු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා... අද දඬුවම් ලබමි මා...
කඳුලු ගානේ... වැටුනු ඈගේ... 
සොඳුරු හඬ ඈ... නිහඬ කෙරුවා...
ලොවම දුටු ඒ සයන් ගත වූ
අඳුරු සේයා මිලින කෙරුවා

සිනහව උදුර ගත්ත
ඔයා
සෙල්ලමකට පටල ගත්ත
ජීවිතේ උදුරගත්ත
‪#‎සෙල්ලක්කාරයා‬ මමයි//

සත්තයි තිබ්බ මට පොඩි කැක්කුමක්
තිත්තයි මට මේ ජීවිතයත්
ඔයා පෑනෙන් ලිව්වත් අපේ කතාව
මම පැන්සලෙන් ලිව්වේ මකන්න හිතාන
සුදු ගවුමේ රතු ලකුණේ
ජීවිතේ දුන්නත් ඔයා මට සතුටෙන්
ආදරේ බිදුවක් තිබ්බේ නෑ මගේ එක ලේ බිඳුවකවත්
ඔයාගේ නාමේ
ඔයා විදෙව්වා
මම වින්දා
ජීවිතේ කලුඋනා මම හින්දා
මම කිව්වා රටවට හපංකම් වටකර
මිතුරන් වගේ හතුරන් කරා මට දඬුවම්
අපි අපටම ගත්ත පින්තූරේ
ගිලිහුනා රටටම මගෙ අතේ සිදුරෙන්
කාමරේක අද කලුවරේ
මම උඳුර ගත්ත නුබේ ජීවිතේ...

මල් ඉහිරුනා මුලු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා... අද දඬුවම් ලබමි මා...
කඳුලු ගානේ... වැටුනු ඈගේ... 
සොඳුරු හඬ ඈ... නිහඬ කෙරුවා...
ලොවම දුටු ඒ සයන් ගත වූ
අඳුරු සේයා මිලින කෙරුවා

සිනහව උදුර ගත්ත
සෙල්ලමකට පටල ගත්ත
ජීවිතේ උදුරගත්ත
#සෙල්ලක්කාරයා නුබයි...//

සිනහව උදුර ගත්ත
ඔයා
සෙල්ලමකට පටල ගත්ත
ජීවිතේ උදුරගත්ත
#සෙල්ලක්කාරයා මමයි//

කඳුලු ගානේ... වැටුනු ඈගේ... 
සොඳුරු හඬ ඈ... නිහඬ කෙරුවා...
ලොවම දුටු ඒ සයන් ගත වූ
අඳුරු සේයා මිලින කෙරුවා...

ගායනය - Kaizer Kaiz & Lil Neo

Saturday, October 18, 2014

එදා මෙදා තුර_Eda Meda Thura_Sanath Nandasiri

එදා මෙදා තුර කඳුලට විවරවූ
දෑස් පියන් පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ
සුව සිනා පිරු රත් දෙතොල් තියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්බුල් සුදු මැලි පාට හොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දෑස් කවුලුපත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබේ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්...

එදා මෙදා තුර කඳුලට විවරවූ
දෑස් පියන් පත් කවුළු වසා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට
බැඳී ආදර ලෝකය හෙටත් තියේ
එත් ඉතින් දැන් සොඳුරියේ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...

එදා මෙදා තුර කඳුලට විවරවූ
දෑස් පියන් පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ
සුව සිනා පිරු රත් දෙතොල් තියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්බුල් සුදු මැලි පාට හොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...!!



ගායනය: සනත් නන්දසිරි



Friday, October 17, 2014

වී පැදුරෙන් ඉගිලී යන_Vee Paduren Igili Yana_Krishantha Erandaka

වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින්...//

ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින්
නා දළු වැඩි සුමුදු වෙතැවි කියමිද කෙලෙසින්
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින්...

ඔබේ සොදුරු මුව මඩලේ කැළුම් මම දුටිම්
පුර පස සද ඔබ පරදයි කියමිද කෙලෙසින්
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින්...

ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං
තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින්
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින්...//



ගායනය: ක්‍රිෂාන්ත එරන්දක 

ලොවම එපා වී_Lowama Epa Wee_Nanda Malini

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...

අසා අසෝබන නින්දා ගැරහුම් 
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැලි වේ...

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...

ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුනු සිත උණුසුම් වේ...

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...


ගායනය: නන්ද මාලනී

Thursday, October 16, 2014

නුඹට ඇසෙනවා නේද මා හඬනා බැව්..

නුඹගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු
මා  හට චේතනාවක් දෙනු මැන
පොරොන්දුවක්, දිවුරුමක් දෙනු මැන
මගේ ප්‍රාර්ථනා ඉඟි වලට සරණක් දෙනු මැන
හදවතට තැනක් දෙනු
අලුත් නිදහසට කරුණක් දෙනු
සිහින වරුසාවට වස්සාන කාලයක් ලබා දෙනු

නුඹගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු

මේ දෙසටත් බැල්ම හෙලනු

නුඹට ඇසෙනවා නේද.....?

මා  හඬනා බැව්..............//

ගමනාන්තයද විරසක වී ඇත

යා යුතු මාර්ගයද අතුරුදන්ව ඇත
එන්න... පැමිණ රැගෙන යන්න
මේ මගේ කුඩා පැතුම
එය මෑ හට අයිති වස්තුවකි
නුඹ යනු මෑ ඉපයූ ධනයයි

නුඹගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු

මේ දෙසටත් බැල්ම හෙලනු

නුඹට ඇසෙනවා නේද.....?

මා  හඬනා බැව්..............//


(ආශිකී 2 සිනමාපටයේ Sunn Raha Hai ගීතය)
(සිංහල අදහස හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත)

Wednesday, October 15, 2014

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි_Me Nagaraya Ma Oba_Mervin Perera

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..//

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..//
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි...

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..//
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි...

ගායනය: මර්වින් පෙරේරා


රුවල් ඉරී ගිය නෞකාවේ_Ruwal Iri Giya Nawkawe_Nanda Malini

රුවල් ඉරී ගිය නෞකාවේ
නියමුවාණනී...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ...

දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් සිත දැඩිකොට


රුවල් ඉරී ගිය නෞකාවේ
නියමුවාණනී...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ...

ගායනය: නන්දා මාලනී

මා හඬනා කඳුළු ගලා_Ma Handana Kandulu Gala_Nanda Malini

මා හඬනා කඳුළු ගලා 
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...
සිනාසුනේ ඇයි...

ඔබ දෙපසින් ගලාගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙළෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි...
ගලක් කලේ ඇයි...

මා හඬනා කඳුළු ගලා 
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...
සිනාසුනේ ඇයි...

සියුමැළි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙලූ අසරණ මට
සතුරු උනේ ඇයි...
සතුරු උනේ ඇයි...

මා හඬනා කඳුළු ගලා 
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...
සිනාසුනේ ඇයි...


ගායනය: නන්දා මාලනී 

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති_kauruth Ennathi Kauruth Dannathi_Gunadasa Kapuge

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති 
මල්පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු 
හිනැහී වැලපෙමු අපි ආයේ...

සඳකැන් බොදවුනු වලා කැදැල්ලේ 
තරුකැට අහුරක සිනා මෝදු කර
කඳුලින් ඉපදුනු ඉන්ද්‍රචාපයේ  
උදා නොවන සිහිනයක් දකින්නට 
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු 
හිනැහී වැලපෙමු අපි ආයේ...

සියොළඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී 
උදා ලහිරු සේ මීදුම සඟවා 
නොකී රහස් දෙනයනට කියන්නට 
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු 
හිනැහී වැලපෙමු අපි ආයේ...

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති 
මල්පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු 
හිනැහී වැලපෙමු අපි ආයේ...
හිනැහී වැලපෙමු අපි ආයේ...
හිනැහී වැලපෙමු අපි ආයේ...


ගායනය: ගුණදාස කපුගේ

සැරයටියෙන් අපි යනෙන තුරා_Sarayatiyen Api Yanena Thura_ Vijaya Kumaranatunga and Chandralekha Perera

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නදා
ඒ ගමනත් අපි එකට යමු...//

ජීවන මංපෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වුයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ

මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ලතැවුල් සෝ ගී නෑසෙන සේ
පමණක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ...

මතු සංසාරේ මා හුරු බුහුටිව
පෙම් කරනා කල එළඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතමුව සසරින් නික්මෙනදා

සංසිඳුවා සිතු පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පේමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා...    

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු... !

සංසාරෙන් අපි සමුගන්නදා
ඒ ගමනත් අපි එකට යමු...!

ගායනය: විජය කුමාරතුංග,

               චන්ද්‍රලේඛා පෙරේරා 

වියෝ වූ පසුවයි දැනෙන්නේ_Wiyo Wu Pasuway Danenne_Sunil Edirisinhe

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්
හැඬූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//

ඉවුරුදෑලේ හිඳ බැලු විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි...

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්
හැඬූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...

හඳක් නැතිදා අහස්තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්...

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්
හැඬූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//


ගායනය: සුනිල් එදිරිසිංහ




බිඳුණු පෙම් හද නිවාලන්නට_Bindunu Pem Hada Niwalannata _Gunadasa Kapuge

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදෙකලා සිත
නුඹට පෙම් බැන්දා...

සරාගික වූ නෙතින් ගිලිහි
ජීවිතෙන් පිදු ආදරේ
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුණේ
කඳුල නුඹ පිපුණා
දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුණා...

ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ
දිනක ඇය මා අමුත්තන් සේ
යලිත් හමුවේවි
කඳුළ නුඹ නාඬන්...

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදෙකලා සිත
නුඹට පෙම් බැන්දා...

ගායනය: ගුණදාස කපුගේ

පදරචනය: වසන්ත බණ්ඩාර දිසානායක