මං මුලාවී පාර හොයාගෙන
හසරක්
අසමින් යන ගමනේ
මං
මුලාවූ සමනළියකගෙනි
පාර
අසා තිබුනේ...//
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි
තැන් මතකයේ අඩමානය //
පාර
කියන්නේ කෙලෙසද මා හට
ඇයටද
පාරක් ඇති නැති ගානය...
මං මුලාවී පාර හොයාගෙන
හසරක්
අසමින් යන ගමනේ
මං
මුලාවූ සමනළියකගෙනි
පාර
අසා තිබුනේ...
අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර
ඇසූයේ ඇයිදැයි නොකියමි//
අපේ
ගමන අද නවතනු හැකිනම්
අප
යන ගමනද අද මෙතැනින් නිමි...
මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ...//
ගායනය: ගුණදාස කපුගේ